• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉංජිනේරු වෘත්තිකයින් ලියාපදිංචි කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය නියැලුම නියාමනය කිරීම සඳහා ඉංජිනේරු කවුන්සිලයක් පිහිටුවීම -
- නියමිත සුදුසුකම් සපුරා ඇති ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කිරීම, ඉංජිනේරු වෘත්තිකයන්ගේ නාම ලේඛනය අඩංගු දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාම හා වරින්වර එය ප්‍රසිද්ධියට පත්කිරීම, ඉංජිනේරු වෘත්තියට අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් නියාමනය කිරීම හා වෘත්තියට අදාළ ප්‍රමිතීන් බලාත්මක කිරීම ආදී කටයුතු කිරීම සඳහා ඉංජිනේරු සභාවක් පිහිටුවීම පිණිස අවුරුදු ගණනාවක් තිස්සේ අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර සකස් කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.