• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සී/ස ලංකා සළුසල ආයතනය, සී/ස ජාතික කඩදාසි සමාගම සහ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හා ලංකා සිමෙන්ති සමාගමේ සේවකයින් සඳහා වැටුප් ගෙවීම
- සී/ස ලංකා සළුසල ආයතනය, සී/ස ජාතික කඩදාසි සමාගම සහ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව හා ලංකා සිමෙන්ති සමාගම යන ආයතන සිය කටයුතු වාණිජමය වශයෙන් ලාභදායී ලෙස පවත්වා ගෙන යාමට අපොහොසත් වී ඇති බැවින් ඒවායේ සේවය කරන සේවකයින් සඳහා වැටුප් ගෙවීමටත්, එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය කරන සේවාවන් සඳහා වන වියදම් දැරීමටත් නොහැකි වීමෙන් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ආයතන ප්‍රතිව්‍යූහගතකිරීම පිණිස සුදුසු වැඩසටහනක් කඩිනමින් සම්පාදනය කිරීමට යටත්ව මෙම ආයතනවල සේවකයින් සඳහා මෙම වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා වැටුප් ගෙවීමට අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.