• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආදිවාසීන්ගේ සංවර්ධනය වෙනුවෙන් දඹාන ජන උරුම කේන්ද්‍රය පුනරුත්ථාපනය කිරීම සහ එහි කටයුතු පවත්වා ගෙන යාම සඳහා මාසික ප්‍රදානයක් ලබා දීම
- ආදිවාසී ජනතාවගේ අනන්‍යතාව හා ඔවුන්ගේ තිරසර පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය බව ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගනු ලැබ ඇත. ඔවුන්ගේ සාමාන්‍ය ජීවනෝපාය කෙරෙහි බලපානු ලබන සංස්කෘතික මූලයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ආදිවාසී ජන උරුම කේන්ද්‍රය වෙත දැනට මාසිකව ලබා දෙනු ලබන රුපියල් 100,000 ක මුදල රුපියල් 125,000 දක්වා වැඩි කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.