• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජීවමිතික තොරතුරු ඇතුළත් පුද්ගල දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම හා විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළ විධිවිධාන සැලසීම සඳහා 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම
- දැනට පුද්ගලයන් ලියාපදිංචි කිරීමට හා හැඳුනුම්පත් නිකුත් කිරීමට භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් හා තාක්ෂණය වෙනුවට ලෝකයේ අනෙකුත් රටවල් විසින් භාවිතා කරනු ලබන නවීන තාක්ෂණ ක්‍රමවේදයන් භාවිතා කරමින් වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන ආරක්ෂිත විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම පිණිස 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.