• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් කම්පැනි ලිමිටඩ්හි (GKCCCL) ස්ථාවර තැන්පතු හිමියන්ට නැවත ගෙවීම
- ගෝල්ඩන් කී ‍ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පත්කරුවන් විසින් මුහුණ දී ඇති දීර්ඝකාලීන ගැටලුව විසඳීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස්වලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද ගෙවීම් කාල සටහනට දැනටමත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. එහි මුල් පියවර ලෙස රුපියල් මිලියන 2ට අඩු තැන්පත් කරුවන්ගේ තැන්පතු ආපසු ගෙවීම සඳහා රුපියල් මිලියන 544.3ක අත්තිකාරමක් මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දෙන ලදී. එම සමාගමේ තැන්පතු හිමියන්ට ඔවුන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීම සඳහා වන සැලැස්මේ දෙවන පියවර ලෙස රුපියල් මිලියන 2ත් 10ත් අතර මුදල් ප්‍රමාණයක් තැන්පත් කර ඇති පුද්ගලයන්ගේ තැන්පතු ආපසු ගෙවීම සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 3,945.6ක අත්තිකාරමක් වශයෙන් මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නිදහස් කිරීමටත්, ගෝල්ඩන් කී ක්‍රෙඩිඩ් කාඩ් කම්පැනි ලිමිටඩ්හි වත්කම් ඈවර කර එම මුදල මහා භාණ්ඩාගාරය වෙත ආපසු ගෙවීමටත්, මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.