• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රේගු කටයුතු සම්බන්ධයෙන් අනෝන්‍ය සහාය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුම
- රේගු කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ ඒ රටවල්වල රේගු කටයුතු පරිපාලකයන් අතර, සහයෝගීතාව වර්ධනය කිරීම මඟින් එම කටයුතු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමට හැකිවන අතර, නීති විරෝධී මත්ද්‍රව්‍ය හා ස්නායු උත්තේජක ද්‍රව්‍ය රටවල් වලට ඇතුලුවීම මඟින් සිදුවන අහිතකර බලපෑම්ද එමඟින් අවම කර ගැනීමට හැකි වේ. රේගු නීතී කඩ කිරීම වැළැක්වීමත්, විමර්ශන කටයුතු සිදු කිරීමත්, පුහුණු කටයුතු සහ අනෙක් පාර්ශ්වයේ ඉල්ලීම මත අවශ්‍ය වන තොරතුරු ලබා දීමත් යන අරමුණු ඉටු කර ගැනීම පිණිස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර රේගු කටයුතු පිළිබඳව අන්‍යෝන්‍ය සහාය හා සහයෝගිතාව පිළිබඳ ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.