• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය - 2015/16
- ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමික තත්ත්වය ඇස්තමේන්තුගත කිරීම සඳහා ළමුන් සම්බන්ධව සියලු කාර්යයන් පිළිබඳව තොරතුරු රැස්කිරීම සඳහා 1999 සහ 2008/2009 වර්ෂ වල ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ පවත්වා ඇත. 2015/2016 ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය පැවැත්වීම මඟින් වයස අවුරුදු 05 - 17 වයස් කාණ්ඩයට අයත් ළමුන්ගේ ප්‍රජා විද්‍යාත්මක, අධ්‍යාපනික, ආර්ථික ක්‍රියාකාරකම්, ගෙවල්වල එදිනෙදා කටයුතු, සෞඛ්‍ය හා සුරක්ෂිතතාව පිළිබඳ තොරතුරු මෙන්ම ළමුන් ආර්ථික කටයුතුවල යෙදවීම පිළිබඳ දෙමාපියන්ගේ ආකල්ප වැනි තොරතුරුද එක්රැස් කිරීමට නියමිතය. මෙයට අමතරව මෙවර සමික්ෂණයේදී විශේෂ අවශ්‍යතා සහිත (ආබාධිත) ළමුන්ගේ ක්‍රියාකාරකම්, ළමා නිවාසවල හා රැකවරණ මධ්‍යස්ථානවල සිටින ළමුන් සහ විදේශගතව රැකියා කරන දෙමව්පියන්ගේ ළමුන් පිළිබඳ තොරතුරු ද සොයාබැලීමට නියමිතය. මෙම සමීක්ෂණය පැවැත්වීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් 26,123,469ක් වන අතර එය ප්‍රදානයක් ලෙස සැපයීමට අන්තර්ජාතික කම්කරු සංවිධානය එකඟ වී ඇත. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් මෙම සමීක්ෂණය පැවැත්වීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.