• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1983 ජාතිවාදී අරගල සමයේදී අවතැන් වූ දැනට මහවැලි අධිකාරියට අයත් වික්ටෝරියා කලාපයේ පදිංචි කරවා ඇති පවුල් සඳහා ඉඩම් හා නිවාස ලබා දීම
- දිගන, රජවැල්ල පදිංචිව සිටි 1983 වර්ෂයේ ජාතිවාදී අරගල හේතුවෙන් අවතැන් වූ පවුල් 134 ක් රාජ්‍ය නොවන සංවිධාන විසින් අඹකොටේ ජනාවාසයේ පේලි නිවාස ඉදි කර පදිංචි කර ඇත. ඉතාමත් අඩු පහසුකම් යටතේ සීමිත ඉඩකඩක වසර තිහකට (30) වැඩි කාලයක් මෙම නිවාසවල පදිංචිව සිටින අයට එම නිවාස හෝ ඉඩම් සඳහා කිසිදු නිත්‍යානුකුල අයිතියක් නොමැති අතර ඒ හේතුවෙන් ජලය, විදුලිය වැනි පහසුකම් ලබාගැනීමට ද හැකියාවක් නොමැත. මෙම පවුල්වල දෙවන පරම්පරාවේ පවුල් 146ක් සඳහා අඹකොටේ ප්‍රදේශයේ මහවැලි අධිකාරිය සතු ඉඩමෙන් ඉඩම් කට්ටි ලබා දී ඇති අතර ඉහත සඳහන් පවුල් 134 ද එම ඉඩම් කට්ටි ආශ්‍රිතව පදිංචි කිරීම සඳහා වන කටයුතු කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය වෙත පැවැරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.