• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භූමිය, නිවාස හා ජනාවාසයක හිමිකම් ලබා දෙන නව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ
- වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා ඇති සහභාගිත්ව සංවර්ධනය මුල් කොට ගත් “සැමට සෙවණ” නිවාස සංවර්ධන වැඩසටහන යටතේ නිවාස අපේක්ෂිත ජනතාවට රජය විසින් ලබා දෙන සීමිත මුදලකට තම ශ්‍රම දායකත්වය හා ඉතිරි කිරීම් එක්කර වැඩි වටිනාමකින් යුත් නිවසක් කෙටි කාල පරිච්ඡේදයක් තුළ ඉදි කිරීමට හැකියාව ලැබිණි. එසේ වුවද, මෙම වැඩසටහන තුළින් නිවාස ඉදි කිරීමට හැකියාව නොලැබුණු පවුල් රාශියක් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වේ. මේ සියලු පිරිසගේ නිවාස අපේක්ෂාවන් සපුරා ලමින් නිවහනේ සහ භූමියේ අයිතිය සමඟ ජනාවාසයක සිය දිවි පෙවෙත ගත කිරීමේ අවස්ථාව ලබා දීමේ අරමුණින් නව ආදර්ශ ගම්මාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය සැලසුම් සකස් කර ඇත. මෙම වැඩසටහන යට‍තේ නිවාස ව්‍යාපෘති 38ක් ඇති කිරීමටත්, එක් ව්‍යාපෘතියක් යටතේ නිවාස 25ක් ඉදි කිරීමටත්, එක් නිවසක් සඳහා රුපියල් 250,000/- ක සහන ණය මුදලක් ලබා දීමටත් අපේක්ෂා කරන අතර සම්පූර්ණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 240ක් වැය කිරීමට යෝජිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.