• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධ ගිවිසුම සමාලෝචනය කිරීම
- කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘති සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ ගිවිසුමේ කාලය මාස 06 කින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැන නැගී ඇති ගැටලු පිළිබඳව පරික්ෂා කර බලා ගත යුතු පියවරයන් පිළිබඳව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය කමිටුවට වාර්තා කිරීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හා අදාළ සියලුම ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.