• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සඳහා සිව්මහල් නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් දෙපාර්තමේන්තු හා අංශ එම පරිශ්‍රයෙන් පිටත ස්ථාපිත කර තිබීම හේතුවෙන් පරිපාලන දුෂ්කරතා ඇති වී තිබෙන අතර නව අමාත්‍යාංශ විෂයපථයන් සංශෝධනය වීමත් සමඟ මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ගණාකාධිකාරි සේවය හා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයට අදාළ පරිපාලන කටයුතුද මෙම අමාත්‍යාංශයට පැවරීම හේතුවෙන් එම අංශවල නිලධාරින්ටද අවශ්‍ය ඉඩ පහසුකම් මෙම පරිශ්‍රයේම සැලසිය යුතුව ඇත. එම හේතුන් නිසා අමාත්‍යාංශ පරිශ්‍රය තුළ දැනට අක්‍රමවත්ව ඉදි කර ඇති තාවකාලික ගොඩනැඟිලි කිහිපයක් ඉවත් කර සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.