• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත
- 2016 මුදල් වර්ෂය තුළ සලසා ගත හැකි මුළු සම්පත් ප්‍රමාණය, රජයේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතාවන් පදනම් කරගනිමින් අමාත්‍යාංශ, පළාත් සභා සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට 2016 වර්ෂය සඳහා වන ආදායම් හා වියදම් ඇස්තමේන්තු සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, 2016 වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,138ක් වන අතර ඇස්තමේන්තුගත ආදායම විදේශීය ප්‍රදාන ඇතුළත්ව රුපියල් බිලියන 1,789ක් පමණ වේ. ඒ අනුව, 2016 මුදල් වර්ෂය සඳහා රජයේ සේවා පවත්වා ගැනීමට අදාළ විධිවිධාන සැලසිම සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.