• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ තෝරාගත් මාර්ග සඳහා නායයෑම් වැළැක්වීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීමට අදාළ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව
- ලෝක බැංකුවේ නියෝජ්‍යායතනයක් වන ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් අරමුදල් සපයනු ලබන දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ තෝරාගත් මාර්ග සඳහා නායයෑම් වැළැක්වීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීම, සැලසුම් සැකසීම සහ ඉදි කිරීම් අධික්ෂණය කිරීම පිණිස වන උපදේශක සේවා කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 146.17ක මුදලකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.