• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම නිසා බලපෑමට ලක් වන රථවාහන ඉංජිනේරු පුහුණු ආයතනයේ ගොඩනැඟිලි නැවත ඉදි කිරීම සහ ප්‍රතිස්ථානගත කිරීම
- කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතියේ පිරිවැය දැරිම පිණිස ජපාන යෙන් මිලියන 35,020ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙතින් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගනු ලබන ඉඩමේ පවත්වාගෙන ගිය රථවාහන ඉංජිනේරු පුහුණු ආයතනය වෙනත් ස්ථානයක ස්ථාන ගත කිරීමට සිදු වී ඇත. ඒ අනුව, එම ආයතනය සඳහා අවශ්‍ය වන ගොඩනැඟිලි ඔරුගොඩවත්තේ වෘත්තීය පුහුණු අධිකාරිය පිහිටි පරිශ්‍රයෙහි නැවත ඉදි කිරීම පිණිස වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,539.8ක ඇස්තමේන්තුගත මුදලකට ප්‍රදානය කිරීම සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.