• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් සඳහා නවාතැන් පහසුකම් සැලසීම වෙනුවන් තෙමහල් ගොඩනැඟිලි 03ක් ඉදි කිරීම
- ශ්‍රී ලංකාවේ උසස්ම ආරක්ෂක සේවා වෘත්තීය අධ්‍යාපනික ආයතනය වනුයේ 2008 අංක 05 දරන පනතින් ස්ථාපිත ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයයි. එම ආයතනය මඟින් ත්‍රිවිධ හමුදා සහ රාජ්‍ය සේවයෙහි මාණ්ඩලික නිලධාරින් හට උසස් තනතුරුවල වගකීම් දැරීමට, මෙහෙයවීමට මෙන්ම මාණ්ඩලික කාර්යයන් කාර්යක්ෂමව ඉටු කිරිම පිණිස ඔවුන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය පාඨමාලාවන් සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලබයි. එසේම මිත්‍ර රටවලට දක්වන අන්‍යෝන්‍ය සහයෝගිතාවක් වශයෙන් විදේශීය නිලධාරින් සුළු පිරිසක් සඳහාද මෙම විද්‍යාලයෙහි මාණ්ඩලික පාඨමාලාවන් නේවාසිකව හැදෑරීමට අවස්ථාව සලසා දී ඇත. ඒ අනුව, මෙම විද්‍යාලයේ පාඨමාලාවන් හදාරන දේශීය හා විදේශීය නිලධාරින්ට උසස් ප්‍රමිතියකින් යුත් නවාතැන් පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 120ක් පිරිවැයකින් තෙමහල් ගොඩනැඟිලි 03 ක් ඉදි කිරීම පිණිස වැඩ බලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.