• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය ස්ථාපිත කිරීම
- ආර්ථික සංවර්ධනයේ ඊළඟ අදියර වෙත ළඟා වීම පිණිස ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කළ යුතු ඇති අතර ඒ සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ආයතනික රාමුව සමාලෝචනය කිරීම සහ ශක්තිමත් කිරීම අවශ්‍ය වේ. ප්‍රතිපත්ති සම්පාදනය, සමාලෝචනය, සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට සහාය වීම පිණිස අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයක් පිහිටුවීම පිණිස අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.