• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- ක්‍රීඩාවල යෙදීමේදී තහනම් උත්තේජක භාවිතයට එරෙහි ක්‍රියාකාරකම්වල නියුතු අන්තර්ජාතික සංවිධාන සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම සහ පර්යේෂණ සිදු කිරීමේ අරමුණින් 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය භාවිතයට ගැනීමට එරෙහි සම්මුති පනතෙහි 10 වගන්තිය යටතේ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පිහිටුවා ඇත. රුපියල් මිලියන 237ක පිරිවැයකින් සුගතදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයෙහි එම ආයතනය සඳහා වන මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදි කිරීමටත්, ඊට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.