• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පූර්ව නඩු විභාග කාර්යපටිපාටීන් (Pre- Trial Procedures) සඳහා විධිවිධාන සැලසීම
නඩු කටයුතුවලදී අත්විඳීමට සිදුවන අධික ප්‍රමාදයන් අධිකරණ පද්ධතිය පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ වන විශ්වාසය බිඳ වැටීමට හේතු වී ඇති අතරම එම ප්‍රමාදයන් හේතුවෙන් බරපතළ ආර්ථික අපහසුතාවලට ලක්වීමට මහජනතාවට සිදු වී ඇත. මෙම ගැටලුව විසඳීම පිණිස කලින් කල විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනු ලැබ ඇතත් විශාල නඩු සංඛ්‍යාවක් තවමත් අධිකරණයන්හි ගොඩගැසී ඇත. එකී ගැටලුව විසඳීම සඳහා පූර්ව නඩු විභාග කාර්යපටිපාටීන් හඳුන්වා දීමට හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන කෙටුම්පත් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.