• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාපරාධී කාරණා විමර්ශනයේදී හා මැඩපැවැත්වීමේදී අන්‍යෝන්‍ය නෛතික සහාය ලබාගැනීම පිළිබඳ බිම්ස්ටෙක් (BIMSTEC) සම්මුතිය
මේ වසරේ අගෝස්තු මාසයේදී තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වුණු බංග‍ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය සහ නේපාලය යන රටවල් සාමාජිකත්වය දරන ‘බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වන බෙංගාල බොක්ක ආශ්‍රිත මූලාරම්භය’ (Bay of Bengal Initiative for Multi – Sectoral Technical and Economic Cooperation - BIMSTEC) සංවිධානයෙහි ත්‍රස්ත විරෝධී හා දේශ සීමා ඉක්මවා යන අපරාධ පිළිබඳ ඒකාබද්ධ කෘත්‍යාධිකාරී කණ්ඩායමේ හත්වන රැස්වීමේදී සාමාජික රාජ්‍යයන් විසින් සාපරාධී කාරණවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය පිළිබඳ සම්මුතිය පිළිගැනීමට ලක් කර ඇත.

දේශ සීමා ඉක්මවා යන අපරාධ මැඬපැවැත්වීම සඳහා කටයුතු කිරීමේදී අන්‍යෝන්‍ය අන්තර්ජාතික නෛතික සහාය ඉතා වැදගත් අංගයක් බවට පත්ව තිබෙන අතර සාපරාධී කාරණාවලට අදාළව කෙරෙන පරීක්ෂණයන් සඳහා හා ඒවා මැඩපැවැත්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහාය විදෙස් රටවල් වෙත ලබා දීම‍ට සහ ශ්‍රී ලංකාව විසින් එම රටවල් වෙතින් එවැනි සහාය ලබාගැනිම සඳහා අවශ්‍ය විධිවිධාන 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදි අන්‍යෝන්‍ය සහාය දැක්වීමේ පනත මඟින් සලසා දී ඇත. ඒ අනුව, සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය පිළිබඳ බිම්ස්ටෙක් සම්මුතිය අත්සන් තැබීමට සහ අපරානුමත කිරීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.