• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය කාර්මික ජනපද සංවර්ධන වැඩසටහන ශක්තිමත් කිරීම
ප්‍රාදේශීය මට්ටමේ නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රා‍දේශීය කාර්මික ජනපද සංවර්ධන වැඩසටහන යටතේ රජයේ ඉඩම්වල කාර්මික ජනපද 29 ක් පිහිටුවා ඇත. එමඟින් සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා සහ අනෙකුත් ආර්ථික ප්‍රතිලාභ නිර්මාණය වී ඇත. ආයෝජකයින් දිරි ගන්වමින් ප්‍රාදේශීය කාර්මික ජනපද වැඩසටහන ශක්තිමත් කිරීම උදෙසා එම වැඩසටහන යටතේ කර්මාන්තකරුවන්ට ඉඩම් ලබා දීමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය වඩාත් සරල වන අයුරින් සංශෝධනය කිරීම පිණිස හා ආයෝජකයින් දිරිමත් වන අන්දමේ බදු කුලී අය කෙරෙන ක්‍රමයක් හඳුන්වාදීම පිණිස ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.