• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුරවැසි ලියාපදිංචිය විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම හා ජාතික පුද්ගල නාමලේඛනය ස්ථාපිත කිරීම
- ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටින පුද්ගලයින් ලියාපදිංචි කර එම පුද්ගලයින්ගේ අනන්‍යතාවය වඩාත් සුරක්ෂිතව තහවුරු කිරීම සඳහා 1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතින් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බලතල අනුව ජාතික පුද්ගල නාම ලේඛනයක් ස්ථාපිත කිරීම හා ඒ අනුව, විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇතත් විවිධ තාක්ෂණික හේතුන් නිසා එම ක්‍රියාවලිය ප්‍රමාද වී ඇත. ඉදිරි වසර දෙකක කාලය තුළ ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට හිමිකම් ඇති සියලුම පුරවැසියන්ට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට හැකි වන පරිදි අදාළ ව්‍යාපෘතිය සැළසුම් කර ක්‍රියාත්මක කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.