• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් විපතට පත් පවුල් සඳහා නිවාස ඉදි කිරීම සඳහා යෝජනා කැඳවීම
- උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් විපතට පත් පවුල් සඳහා ප්‍රමුඛතා පදනමින් නිවාස ඉදි කිරීමේ වගකීම පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත පැවරී ඇත. ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල නිවාස අවශ්‍යතා සපුරා ලීමේ අවශ්‍යතාව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ (LLRC) නිර්දේශ වලින්ද අවධාරණය කර ඇත. ඒ අනුව, ඉන්දියානු රජයේ අනුග්‍රහය මත දැනට ක්‍රියාත්මක වන නිවාස වැඩසටහන යටතේ ඉදි කරනු ලබන නිවාස 44,000ට අතිරේකව තවත් නිවාස 137,529ක් ඉදි කළ යුතු බවට හඳුනාගෙන ඇත. මෙම කාර්යය සඳහා නිවාස ඉදි කිරීමට උනන්දුවක් දක්වන දේශීය හා විදේශීය පාර්ශ්වයන් වෙතින් යෝජනා කැඳවීම පිණිස (Requests for Proposals - RFP) පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.