• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජ ආරක්ෂණ සහ සුබසාධක වැඩසටහන් ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීම පිණිස තොරතුරු තාක්ෂණය යොදා ගැනීම
- රජය විසින් සමාජ සුබසාධන, සමාජ ආරක්ෂණ සහ විශ්‍රාම වැටුප් සඳහා වාර්ෂිකව සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් වෙන් කරනු ලබයි. පුරවැසියන් ආර්ථික අවදානම්වලින් මුදවා ගැනීම සඳහා එම වැඩසටහන් සැලසුම් කර ඇත. මෙම වැඩසටහන් මඟින් වියපත් හෝ විශ්‍රාමික තැනැත්තන්, රෝගීන්, යැපෙන්නන්, මව්වරුන්, විරැකියාවෙන් පෙළෙන්නන්, සේවයේදී අනතුරට පත්වූවන්, පාසල් ළමුන් ආදී තැනැත්තන්ට සහන සැලසේ. මෙම සුබසාධන වැඩසටහන් මඟින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගන්නා බව තහවුරු කර ගැනීමටත් එකී සුබසාධන වැඩසටහන් මඟින් ලබා දෙන සහනාධාර කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමත්, එම සහනාධාර ඒවා හිමි විය යුතු ප්‍රතිලාභීන්ට ලැබෙන බව තහවුරු කරගැනීමටත්, හැකි වන පරිදි එම වැඩසටහන් සියල්ල මධ්‍යගත ඒකකයක් යටතේ අධීක්ෂණය හා කළමනාකරණය පිණිස තොරතුරු තාක්ෂණය යොදා ගැනීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.