• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමා අපචාර වැළැක්වීම
- දිනෙන් දින වැඩි වන ළමා අපචාර වැළැක්වීම පිණිස සුදුසු ක්‍රියාමාර්ග යෝජනා කිරීම සඳහා පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත අමාත්‍ය කමිටුවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු තිලක් මාරපන මැතිතුමා - (සභාපති);

* අධිකරණ අමාත්‍ය
ගරු විජයදාස රාජපක්ෂ මැතිතුමා;

* කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
ගරු චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය;

* ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
ගරු මහේෂ්වරන් විජයකලා මැතිතුමිය;

* නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය
ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමිය