• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
- ජනතාවගේ සුබසාධනය සඳහා අවශ්‍ය වන විවිධ බදු සංශෝධන හා ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන් රජය විසින් වරින්වර ගනු ලබන තීරණයන් මත පදනම්ව නිකුත් කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදි‍රිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.