• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව හා ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව
- රටේ සමස්ත ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදි‍රිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අදාළ අමාත්‍යවරුන්ගෙන් සමන්විත ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව සහ රටේ මහජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි බලපාන කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ගරු මලික් සමරවික්‍රම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අදාළ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.