• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගර්භණී මාතාවන්ට රුපියල් 20,000/- ක් වටිනා පෝෂ්‍යදායී ආහාර ලබා දීම
- රජයේ දින සියයේ වැඩසටහන යටතේ ආරම්භ කෙරුණු, “ගර්භණී මාතාවන්ට රුපියල් 20,000/- ක් වටිනා පෝෂ්‍යදායි ආහාර මල්ලක් ලබා දීමේ” වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස 2015 වර්ෂය සඳහා දැනට ලබා දී ඇති රුපියල් මිලියන 1,500 ක ප්‍රතිපාදනවලට අමතරව එම අමාත්‍යාංශයට තවත් රුපියල් මිලියන 1,500 ක ප්‍රතිපාදන ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.