• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන නිවාස 50,000 කඩිනම් නිවාස සංවර්ධන වැඩසටහන
- දින සියය වැඩසටහන යටතේ දියත් කෙරුණු ‘සැම‍ට සෙවණ’ නිවාස 50,000 වැඩසටහන ප්‍රජා සහභාගිත්ව ක්‍රමවේදය අනුව ක්‍රියාත්මක වන අතර, මේ වන විට නිවාස 35,290 ක ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතියි. සමස්ත වැඩසටහන සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 5,000 ක් වන අතර, මේ වන විට ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1,328.45 කි. මෙම වැඩසටහන නිම කිරීම සඳහා තවදුරටත් අවශ්‍ය අරමුදල් ලබාගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.