• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා රජයේ ආයතන සතු වාහන
- මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා විසින් ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා රජයේ අනෙකුත් ආයතන සතුව පවතින වාහන සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

ඒ අනුව, රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන සතු ලියාපදිංචි වාහන සංඛ්‍යාව 59,160 ක් බවත්, ඒ අතුරින් සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් පසුගිය රජය යටතේ ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් ලෙස හා වෙනත් විවිධ තනතුරුවල කටයුතු කළ, එහෙත් දැනට එකී තනතුරුවල කටයුතු නොකරන පුද්ගලයන් විසින් තවදුර‍ටත් පරිහරණය කරනු ලබමින් සිටින බවත් අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගන්නා ලදී. ඒ අනුව, නිල හිමිකමකින් තොරව තවදුර‍ටත් පරිහරණය කරනු ලබමින් සිටින මෙතෙක් භාර දී නොමැති රජය සතු වාහන නොපමාව ආපසු ලබාගැනීම පිණිස අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.