• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෙම්මාතගම ජලසම්පාදන ව්‍යාපෘතිය
රුපියල් මිලියන 3,303.26 ක රජයේ අරමුදල් මඟින් සහ යුරෝ මිලියන 81.96 ක විදේශීය අරමුදල් මඟින් ක්‍රියාවට නංවනු ලබන ඉහත ව්‍යාපෘතිය සඳහා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ අනුමැතියද හිමි වී ඇත. මෙම ව්‍යාපෘතිය මගින් මාවනැල්ල, අරණායක හා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජනතාව වෙත සෙත සැලසෙයි. එම ව්‍යාපෘතියෙහි කටයුතු ඉදිරියට කරගෙන යාම පිණිස නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.