• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ හා සමාජ ඒකාබද්ධතාව උදෙසා වූ සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන’ සහ ‘නැඟී එන ප්‍රදේශයන්හි සමතුලිත ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කිරීම හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය’
- ‘සමාජ ඒකාබද්ධතාව උදෙසා වූ සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන’ සහ ‘නැඟී එන ප්‍රදේශයන්හි සමතුලිත ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ වැඩසටහන’ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රදානයන් ලබාගැනීම වෙනුවෙන් වූ සහයෝගිතා ගිවිසුම් දෙකකට 2011 වසරේදී ශ්‍රී ලංකා ජනරජය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය (United States Agency for International Development - USAID ) සමඟ අත්සන් තබන ලදී. වර්තමාන සමාජ, ආර්ථික හා දේශපාලන පසුබිම සලකා බලමින් ‘සමාජ ඒකාබද්ධතාව උදෙසා වූ සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැඩසටහනෙහි’ නාමය ‘ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ හා සමාජ ඒකාබද්ධතාව උදෙසා වූ සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන’ ලෙස සංශෝධනය කිරීමට සහ එම වැඩසටහන වෙනුවෙන් USAID විසින් දෙනු ලබන දායකත්වය තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.49 කින් වැඩි කිරීම මඟින් එම වැඩසටහන සඳහා, ඇමෙරිකානු ඩොලර් මිලියන 10.73 ක් හා උතුර, උතුරුමැද, නැ‍ඟෙනහිර හා ඌව වැනි පළාත්වල ක්‍රියාත්මක ‘නැඟී එන ප්‍රදේශයන්හි සමතුලිත ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ වැඩසටහනෙහි’ නාමය ‘නැඟී එන ප්‍රදේශයන්හි සමතුලිත ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කිරීම හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය’ ලෙස සංශෝධනය කිරීමට සහ එම වැඩසටහන වෙනුවෙන් USAID විසින් දෙනු ලබන දායකත්වය තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3 කින් වැඩි කිරීම මඟින් එම වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 14.71ක් ලබාගැනීම සඳහාත් වන සහයෝගිතා ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.