• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2015
- පොහොර සහනාධාර වැඩසටහන මඟින් සහන මිලක් යටතේ ගොවීන්ට පොහොර ලබාදීමේ වැඩසටහන රජයට අයත් සී/ස ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) මඟින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව 2015 නොවැම්බර් මාසය සඳහා ගොවීන් අතර බෙදා හැරීමට අවශ්‍ය පොහොර ප්‍රමාණය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.