• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකාවේ වෙසෙන අපස්මාර රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම පිණිස නවීන තාක්ෂණයෙන් යුත් සියලු පහසුකම්වලින් සපිරි රෝහලක් ඉදි කිරීම ශ්‍රී ලංකා ජනරජය විසින් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ සහාය ඇතිව 2008 වසරේදී ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම විවිධ හේතු මත තරමක් ප්‍රමාද වූ අතර, මේ වන විට මෙම ව්‍යාපෘතියෙන් 90.5% ක් පමණ අවසන් කර තිබේ. රෝහල සායනික කටයුතු සඳහා 2015 දෙසැම්බර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂිතය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවට වැඩි සේවයක් සැලසීම සඳහා අවශ්‍ය වැඩිදියුණු කරන ලද පහසුකම් සැපයීම සඳහා තවදුරටත් අවශ්‍ය ඇ.එ.ජ.ඩොලර් මිලියන 12 ක පමණ අතිරේක අරමුදල්, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල වෙතින් ලබාගැනීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.