• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ආණ්ඩුවේ පොදු වැඩසටහන
- පසුගිය මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු අනෙකුත් පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇතුළත් රටෙහි සුබසිද්ධිය පිණිස වන යෝජනා පදනම් කර ගෙන ජාතික ආණ්ඩුව සඳහා වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාවත්, එකී වැඩසටහන අනුව රජයේ ඉදිරි කටයුතු සිදු කිරීම යෝග්‍ය බවත් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස යොමු කරන ලදී. ඒ අනුව, අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එකී වැඩසටහන සකස් කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් එකඟ වන ලදී.