• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාක් රටවල් සඳහා ඉන්දීය රජය විසින් දියත් කිරීමට නියමිත චන්ද්‍රිකාව
- 2014 නොවැම්බර් මාසයේදී නේපාලයේ කත්මණ්ඩු නගරයේ පැවති, කලාපීය සහයෝගිතාව සඳහා වන දකුණු ආසියානු සංගමය හෙවත් සාර්ක් සංවිධානයේ 18 වන සමුළුවේදී ඉන්දියාව විසින් ඉදිරිපත් කරන ලද සාර්ක් සාමාජික රටවල් සඳහා චන්ද්‍රිකාවක් නිපදවා දියත් කිරීමේ යෝජනාව ශ්‍රී ලංකාව ඇතුළු සාර්ක් සාමාජික රටවල් විසින් ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්නා ලදී. සාර්ක් සාමාජික රටවල් සඳහා ඉන්දියාව විසින් ලබා දෙනු ලබන පරිත්‍යාගයක් වශයෙන් යෝජිත චන්ද්‍රිකාව සැලසුම් කිරීම, සකස් කිරීම හා දියත් කිරීමේ කටයුතු ඉන්දියාව විසින් සිදු කරනු ලබන අතර සාර්ක් රටවල් අතර සබඳතාවන් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සේවාවන් සැපයීම පිණිස එය නැ‍ඟෙනහිර දේශාංශක 48 හි පිහිටුවනු ඇත. යෝජිත චන්ද්‍රිකා සංඛ්‍යාත සමායෝජනය සම්බන්ධයෙන් එක් එක් රාජ්‍ය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් ඇති කර ගැනීමට ඉන්දියාව අපේක්ෂා කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර යෝජිත ද්විපාර්ශ්වික ගිවිසුමට ගරු අග්‍රාමාත්‍යතුමාගේ එළඹෙන ඉන්දීය සංචාරය තුළදී අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.