• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුත්තලම ලක්විජය ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ගොඩබෑම සහ බත්තල් මඟින් ප්‍රවාහනය කිරීම පිළිබඳ ටෙන්ඩරය
- පුත්තලම ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයට බත්තල්වලින් ගල් අඟුරු ගොඩබෑම සහ ප්‍රවාහනය සඳහා සී/ස ලංකා නැව් සංස්ථාව විසින් කැඳවන ලද ‍ටෙන්ඩරය, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.