• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන අනුමත සීමාවන් වැඩි කිරීම
- විවිධ මූල්‍ය උපකරණ මඟින් රජයට ණය ලබා ගත හැකි උප‍රිම සීමාව රුපියල් බිලියන 1,780 ක් විය යුතු බව පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇත. එම අනුමත ණය සීමාව පදනම් කරගනිමින් බැඳුම්කර නිකුත් කිරීම, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සහ පරිපාලන ණය වැනි විවිධ ක්‍රම මඟින් රජයේ අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කෙරේ. ඉහත කී සමස්ත ණය සීමාව තුළ, දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත අනුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුමත සීමාව 2012 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 850 ක සීමාවේ පැවතිණි. වෙනත් ණය උපකරණ භාවිතය වෙනුවට භාණ්ඩාගාර බිල්පත් මඟින් ණය ලබාගැනීමට උත්සුක වීම නිසා එම සීමාව තවත් රුපියල් බිලියන 400 කින් ඉහළ නංවා රුපියල් බිලියන 1,250 දක්වා වැඩි කිරීමට සහ එයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුව‍ වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.