• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සමාලෝචනය කිරීම - 2015 යල කන්නය
- 2015 යල කන්නයේදී මෙට්‍රික් ටොන් 120,000ක වී මිල දී ගැනීමට රජය විසින් ඉලක්ක කරනු ලැබ ඇති බවත්, ඒ සඳහා රුපියල් බිලියන 6 ක මුදලක් ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙක මඟින් ලබා දීමට කටයුතු කර ඇති බවත්, ඒ අනුව 2015-09-07 දින වන විට රුපියල් මිලියන 4,653 ක මුදලක් වැය කරමින් මෙට්‍රික් ටොන් 102,796.91 ක වී ප්‍රමාණයක් රජය විසින් මිල දී ගෙන ඇති බවත්, අස්වැන්න නෙළිම ප්‍රමාද වීම හේතුවෙන් පොළොන්නරුව, හම්බන්තොට සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල වී මිල දී ගැනීමේ වැඩසටහන තවමත් සම්පූර්ණ කර නොමැති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අනුව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. ඒ අනුව, 2015 යල කන්නයේ වී මිල දී ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පරීක්ෂා කර මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.