• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
- 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතෙහි 10 වන වගන්තිය ප්‍රකාර වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මුදල් අමාත්‍යවරයා විසින් මහජනතාව වෙත සෑම මුදල් වර්ෂයකම ජුනි 30 දින වන විට නිකුත් කළ යුතු අතර, ඉනික්බිතිව එය පාර්ලිමේන්තුවෙහි සභාගත කළ යුතු වේ. ඒ අනුව, 2015 වසරේ පළමු මාස හතර (04) තුළ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව යාවත්කාලීන තොරතුරු සපයමින් රටෙහි සාර්ව ආර්ථික තත්ත්වය හා ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ වි‍ශ්ලේෂණයන් සහ රාජ්‍ය මූල්‍ය සංවර්ධනයන් පිළිබඳ පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන ‘2015 වර්ෂය සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව’ පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.