• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය සහ කුණ්ඩසාලෙ - හාරගම ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ශීඝ්‍ර නාගරීකරණය, වර්ධනය වන වාණිජ ක්‍රියාකාරකම් සහ කාර්මික කලාප වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුත් ජලසම්පාදන ව්‍යාපෘතිවල අවශ්‍යතාව තීව්‍ර කර තිබේ. ඒ අනුව, රජය විසින් පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය සහ කුණ්ඩසාලෙ - හාරගම ජලසම්පාදන ව්‍යාපෘතිය ඇ.එ.ජ.ඩොලර් මිලියන 280.1ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතියේ ජල මූලාශ්‍රය මා ඔය වන අතර, එමඟින් පොල්ගහවෙල, අලව්ව, කුරුණෑගල (කොටසක්) සහ වීරඹුගෙදර (කොටසක්) යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතර ආවරණය කෙරෙයි. කුණ්ඩසාලෙ - හාරගම ජලසම්පාදන ව්‍යාපෘතිය මඟින් නිවාස 250,000 ක් වෙත නව ජල සම්බන්ධතා 50,000 ක් ලබා දෙමින් දිනකට ජලය ඝන මීටර 10,000 ක් වන වර්තමාන ජල ඉල්ලුමද සපුරා ලමින් කිලෝමීටර 380 ක සම්ප්‍රේෂණ ජාලයක් ස්ථාපිත කෙරෙනු ඇත. ඒ අනුව, ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.