• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම
- රජයේ වාර්ෂික වියදමින් ඉතා විශාල ප්‍රමාණයක් විවිධ සංවර්ධන යෝජනා ක්‍රම යටතේ සිදු කරනු ලබන ඉදි කිරීම්, ප්‍රාග්ධන භාණ්ඩ මිල දී ගැනීම් හා බෙහෙත් ද්‍රව්‍ය, පොහොර සහනාධාර, පාසල් සිසුන් සඳහා ලබා දෙන පෙළපොත් සහ නිල ඇඳුම් වැනි පොදු මහජනතාව වෙත ලබා දෙනු ලබන විවිධ සේවාවන් සඳහා අවශ්‍ය වන භාණ්ඩ හා සේවාවන් මිල දී ගැනීම පිණිස වැය කරනු ලබයි. මෙම මිල දී ගැනීම් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ සිදු කරනු ලබන අතර, එම ක්‍රියාවලියේ පවතින ඇතැම් අඩුලුහුඬුකම් හේතුවෙන් විවිධ ප්‍රමාදයන්ට හා අවාසිදායක තත්ත්වයන්ට රජයට මුහුණු පෑමට සිදු වන බව නිරීක්ෂණය කරනු ලැබ ඇත. එබැවින් රජයේ අරමුදල් වඩාත් අරපිරිමැස්මෙන් වැය කිරීමට හැකි වන පරිදි සහ නාස්තිය වළක්වා ගෙන වංචා, දූෂණ හා අක්‍රමිකතා වැළැක්වෙන අයුරින්, දැනට ක්‍රියාත්මක රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීම පිණිස සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මෙම විෂය සම්බන්ධයෙන් කටයුතු කර අත්දැකීම් සහිත රාජ්‍ය සේවයේ හිටපු ප්‍රවීණ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.