• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහව/වවුනියාව අතර දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම

- ‘මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආරක්ෂිත, විශ්වාසදායී, නියමිත වේලාවට ධාවනය වන දුම්රිය ප්‍රවාහන සේවාවක් සැපයීම’ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මූලික අභිප්‍රාය වේ. දුම්රිය මාර්ග ක්‍රමානුකූලව දියුණු කිරීම එකී මූලික අරමුණ ඉටු කරගැනීම පිණිස අත්‍යවශ්‍ය සාධකයක් ලෙස රජය හඳුනාගෙන තිබේ. මෑතකදී සිදු කරන ලද උතුරු දුම්රිය මාර්ගයේ සංව‍ර්ධන කටයුතු යටතේ වවුනියාවට ඔබ්බෙන් අලුතින් ඉදි කරන ලද දුම්රිය මාර්ගයන් සමඟ මහව සිට වවුනියාව දුම්රිය මාර්ග කොටස වැඩිදියුණු කිරීමේ වැදගත්කම නිසා කි.මි.120.7 ක (පැති මාර්ග කි.මී.5 ඇතුළත්ව) එම දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. ඒ අනුව, මහව - වවුනියාව දුම්රිය මාර්ග සංවර්ධනය කරන අතර එහි පළමු අදියර ලෙස අනුරාධපුර-වවුනියාව (කි.මී. 49.4) සහ දෙවන අදියර මහව-අනුරාධපුර (කි.මී. 66.4) වශයෙන් වශයෙන් පුනරුත්ථාපනය කිරීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් සිල්පර ඇතුළු මාර්ග ද්‍රව්‍යයන් සහ අවශ්‍ය ආම්පන්න හැකි සෑම විටම දේශීයව ප්‍රසම්පාදනය කරගනිමින් හා දෙපාර්තමේන්තුවේ සේවක පිරිසේ ශ්‍රමය යොදා ගනිමින් අදාළ පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම පිණිස අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.