• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික රෝහලේ අපස්මාර (රෝගී) ඒකකය සඳහා වන රෝග නිර්ණය කිරීමේ උපකරණ මිල දී ගැනීම

- මහජනතාවට වඩා ඵලදායී සෞඛ්‍ය සේවාවක් සැපයීමේ තවත් පියවරක් ලෙස ජාතික රෝහලේ අපස්මාර රෝගී ඒකකය MRI Scanner, SPECT Scanner, PET – CT Scanner යන්ත්‍රය බැගින් සහ Digital Subtraction Angiography පද්ධතියක් මිල දී ගැනීමට සහ එකී උපකරණ ඉදිරි කාලය තුළ නඩත්තු කිරීම පිණිස අදාළ සමාගම් තෝරාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.