• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාලිගාවත්තේ පිහිටි වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ හා වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ දැඩි සත්කාර ඒකකය නවීකරණය කිරීම

- මාලිගාවත්තෙහි පිහිටි වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේදී දිවයිනේ නන් දෙසින් පැමිණෙන වකුගඩු රෝගීන් වෙනුවෙන් ප්‍රශස්ත රෝගී සත්කාරක සේවාවක් සපයනු ලැබේ. මෙම රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ ආසාදිත රෝගීන් වෙන් කර තබාගැනීමේ ඒකකය, නේවාසික රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුව තුළම පිහිටා ඇත. මෙම හේතුවෙන් රඳවා තබා ගෙන ප්‍රතිකාර කරනු ලබන වකුගඩු බද්ධ කරන ලද රෝගීන් විෂබීජ ආසාදනයන්ට ගොදුරු වීමට ඇති ඉඩකඩ අවම කිරීමේ අරමුණින් එම රෝගීන් දැඩි සත්කාර ඒකකයේ රඳවා තබා ගත හැකි වන පරිදි, දැඩි සත්කාර ඒකකය කඩිනමින් නවීකරණය කිරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.