• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 සැප්තැම්බර් 15 - 17 දක්වා කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2016’

- ශ්‍රී ලංකාවේ අපනයන ශක්‍යතාවන් විදහා දක්වමින් ශ්‍රී ලාංකීය නිෂ්පාදකයින්ට, අපනයනකරුවන්ට හා සේවා සපයන්නන්ට විදේශ ගැනුම්කරුවන්, හවුල්කරුවන් හා විභවතාවකින් යුත් ආයෝජකයින් මුණගැස්සවීම සඳහා වන උපායශීලී වෙළඳ ප්‍රවර්ධන ක්‍රමවේදයක් වන්නේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන සංවිධානය කිරීමයි. මෑත කාලයේදී රට තුළ ඇති වී තිබෙන සුවිශේෂ දේශපාලන හා ආර්ථික සංවර්ධන පසුබිම තුළ ප්‍රදර්ශන, සමුළු, හමුවීම් මෙන්ම සමගාමී වැඩසටහන් සහ කර්මාන්තශාලා නැරඹීමට අවස්ථාවන් යනාදියේ සම්මිශ්‍රණයක් සහිත අගනා ව්‍යාපාරික අත්දැකීමක් ලබාගැනීමට හැකි වන පරිදි ‘ශ්‍රී ලංකා එක්ස්පෝ’ ප්‍රදර්ශනය 2016 සැප්තැම්බර් මස 15 සිට 17 දක්වා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.