• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ කොරියානු ජන රජයේ ජාතික අධිකරණ සේවාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම

- රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ කොරියානු ජන රජයේ ජාතික අධිකරණ සේවාව අතර පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සහයෝගයෙන් යුතුව ක්‍රියා කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ විද්‍යා පර්යේෂණ කටයුතුවල ප්‍රමිතිය ඉහළ නැංවෙන අතර, එමඟින් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන අපරාධ පරීක්ෂණ වඩාත් වැඩිදියුණු කිරීම;

අධිකරණ විද්‍යා ක්ෂේත්‍රයට අදාළ නව පර්යේෂණවේද සිදු කිරීම, සැක කටයුතු ලේඛන පරීක්ෂාව, අධිකරණ ධූලක විද්‍යා (Forensic Toxicology) මත්ද්‍රව්‍ය විශේලේෂණ, පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි විශ්ලේෂණ යන අංශවල සහ දැනට අලුතින් ආරම්භ කර ඇති DNA විද්‍යාගාරයේ පර්යේෂණ වඩාත් වැඩිදියුණු කිරීම සඳහා නව ක්‍රමවේද ස්ථාපනය කිරීම;

අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයේ භාවිත කරන පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ දැනුම, එම ක්ෂේත්‍රයේ විද්‍යාඥයින්ගේ දැනුම, අපරාධ පරීක්ෂණ සිදු කිරීම සඳහා ඇති න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම හුවමාරු කර ගැනීම;

වැඩමුළු, සම්මන්ත්‍රණ, පුහුණු පාඨමාලා සහ විශේෂඥවරුන්ගේ රැස්වීම් මඟින් අන්‍යෝන්‍ය වශයෙන් දැනුම හුවමාරු කර ගැනීම;

අති නවීන විද්‍යාගාර උපකරණ සහ උපාංග මිල දී ගැනීම් වලදී සහයෝගය ලබා දීම; සහ

අන්තර්ජාතික මට්ටමේ ‘සම්මත පරීක්ෂණ සාම්පල’ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විද්‍යාගාරවල ප්‍රමිතිය අන්තර්ජාතික වශයෙන් තහවුරු කිරීම