• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිවිනැඟුම සමාජ ආරක්ෂණ අරමුදල නීතිගත කිරීම

- අඩු ආදායම්ලාභීන්ගේ දිළිඳුකම පිටුදැකීම අරමුණු කර ගෙන ආරම්භ කරන ලද සමෘද්ධි වැඩසටහන යටතේ පිහිටුවා ඇති සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල 1997 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන අතර ආර්ථික සංවර්ධනය කරා පියනඟන සමෘද්ධි ප්‍රතිලාභීන් හට ඇති වන අනපේක්ෂිත ගැටලුවලදී මූල්‍යාධාර සැලසීම එහි පරමාර්ථය වේ. මේ වන විට පවුල් 1,478,288 සමෘද්ධි සහනාධාරයට හිමිකම් ලබන අතර මාසික සමෘද්ධි සහනාධාරයෙන් රුපියල් 45 ක් මාසික දායකත්වයක් මෙම අරමුදලට බැර වේ. එකී අරමුදල නීතිගත කිරීම සඳහා නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන එය විධිමත් ආකාරයෙන් නීතිගත කරනු ලබන තෙක් භාර ආඥාපනත යටතේ භාරයක් වශයෙන් පවත්වා ගෙන යාම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.