• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවෙන් චීනයට කෙසෙල් අපනයනයේදී ශාක ස්වස්ථතා අවශ්‍යතාවන් පිළිබඳ චීනයේ ගුණාත්මක සුපරීක්ෂණය, විමර්ශනය සහ නිරෝධායනයන් පිළිබඳ පොදු පරිපාලනායතනය හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර සම්මුතියක් අත්සන් කිරීම

- ශ්‍රී ලංකාවේ දේශගුණික හා පාරිසරික තත්ත්වයන් අනුව ඉතා සාර්ථක ලෙස වගා කරන කෙසෙල් දේශීය පලතුරු අවශ්‍යතාවයන් සැපිරීමට මෙන්ම අපනයන ඉපයීම් සඳහාද යොමු කළ හැකි බෝගයකි. ශ්‍රී ලංකාවේ මිත්‍ර රටක් වන චීනය සමඟ වෙළඳ සම්බන්ධතා වැඩි දියුණු කරගැනීමෙන් කෙසෙල් අපනයනය කිරීමට හොඳ විභවයක් පවතියි. ඒ සඳහා දෙරටෙහිම ශාක ස්වස්ථතා නීති හා රෙගුලාසිවලට එකඟ වෙමින් චීනයට කෙසෙල් අපනයනය කිරීමටත්, කෙසෙල් වගා බිම් හා ඇසුරුම් ස්ථාන පිළිබඳ තොරතුරු ලබා දීමටත් හැකි වන පරිදි මහජන චීන සමූහාණ්ඩුවේ ගුණාත්මක සුපරික්ෂණය, විමර්ශනය හා නිරෝධායනය පිළිබඳ පොදු පරිපාලනායතනය සමඟ ගිවිසුමකට එළඹීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.