• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සෞඛ්‍ය චතුරශ්‍රය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය - බෝසෙවණවත්ත අනවසර පදිංචිකරුවන් සඳහා නිවාස පහසුකම් ලබා දීම

- ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග ඒකකය මඟින් දිවයිනේ සියලුම ප්‍රදේශවලින් පැමිණෙන හෘද රෝගීන් වෙනුවෙන් ඉතා උසස් රෝගී සත්කාරක සේවාවක් පවත්වා ගෙන යනු ලබයි. මෙම හෘද රෝග ඒකකය පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිලි සංකීර්ණය ඉතාම පැරණි අතර, වත්මන් සේවා සැපයීමේ අවශ්‍යතාවට එහි පවතින ඉඩ ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. මේ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන්ද ඉතාම සංකීර්ණ අපහසුතාවන්ට ලක්වේ. මෙයට පිළියමක් ලෙස හෘද රෝග ඒකකය පුළුල් කළ යුතුව ඇති අතර, ඒ සඳහා පවතින භූමි ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ. මේ නිසා හෘද රෝග ඒකකයට යාබද ජාතික රෝහලටම අයත් භූමියක් වන බෝසෙවණවත්ත නමැති ඉඩමේ සිටින අනවසර පදිංචිකරුවන්ට අයත් නිවාස ඒකක 63ක් වෙනුවට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ වෙනත් ස්ථානයක ඉදි කරනු ලබන මහල් නිවාස ව්‍යාපෘතියකින් විකල්ප නිවාස ලබා දී හෘද රෝග ඒකකය සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස එකී බිම් කොටස යොදා ගැනීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.