• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරි හා සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසර පත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ කසකස්ථාන ජනරජය අතර අත්සන් කරනු ලබන ගිවිසුම

- ශ්‍රී ලංකාවේ හා කසකස්ථානයේ පුරවැසියන් හට දෙරට අතර ගමනාගමනය සඳහා පහසුකම් සැලසීම පිණිස ඊට අදාළ කාර්යපටිපාටි සරල කිරීම සහ දෙරට අතර මිත්‍රශීලී සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ගිවිසුමට එළඹීම මඟින් අදහස් කර ඇත. මෙම ගිවිසුමට පාර්ශ්වකරුවකු වන රටක රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හෝ සේවා/රාජකාරී විදේශ ගමන් බලපත්‍රයක් හෝ හිමි පුරවැසියකුට වීසා ලබාගැනීමකින් තොරව දින 30 ක කාලයක් සඳහා අනෙක් රටට ඇතුළුවීම හෝ ඒ රට හරහා වෙනත් රටකට යාමට අවසර ලැබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර වන ඉහත ගිවිසුමට එළඹීම පිණිස මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.